චීනයෙන් ලැබුණු ඩීසල් කඩිනමින් බෙදන්නැයි නියෝග..

චීනයෙන් ලැබුණු ඩීසල් කඩිනමින් ගොවීන්ට බෙදන්නැයි, කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග..

by Staff writer 03-03-2023 | 8:28 AM

COLOMBO (News 1st) – චීන රජයෙන් මෙරටට පරිත්‍යාග කළ ඩීසල් තොගය කඩිනමින් ගොවි ජනතාව වෙත බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට නියෝග කර තිබේ. 

ඒ අදාළ ඩීසල් තොගය බෙදා හැරීම ප්‍රමාද වී ඇති බවට පැමිණිලි රැසක් ලැබීමත් සමගයි.

මහ කන්නයේ අස්වනු නෙළන ගොවීන්ට ප්‍රයෝජනයට ගැනීම සඳහා චීනය මෙම ඩීසල් තොගය ලබා දුන්නේ ය. 

කෙසේ වෙතත් එම ඩීසල් ගොවීන්ට ලබාදීමට කෘෂි බලධාරින්ට මෙතෙක් හැකි වී නැහැ.

ඒ අනුව ඩීසල් බෙදාදීමට පෙර ඒ සඳහා ටෝකන් පත් අද(03) සිට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. 

අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වගා කළ ගොවීන්ට මෙම ඩිසල් තොගය බෙදා හැරෙන අතර ඒ අනුව හෙක්ටෙයාරකට ඩීසල් ලීටර් 15ක් ගොවීන්ට නොමිලේ ලබා දීමට නියමිතයි.