IMF ණය ගැනීමට සහය දෙන බව චීනය යළි තහවුරු කරයි

IMF ණය ගැනීමට සහය දෙන බව චීනය යළි තහවුරු කරයි

by Staff writer 02-03-2023 | 1:13 PM

COLOMBO (News 1st)  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය පහසුකම සඳහා චීනයේ අපනයන හා ආනයන බැංකුව සහය දී ඇති බව චීනය යළිත් අවධාරණය කරයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය මේ බව පවසා ඇත්තේ, චීන විදේශ අමාත්‍යංශයේ දෛනික මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

චිනයේ අපනයන හා ආනයන බැංකුව මෙම සහයට අදාළ ලේඛන මේ වන විටත් ශ්‍රීලංකාවේ මුදල් අමාතයංශය වෙත ලබා දී ඇති බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව මෙහිදී පෙන්වා දී තිබේ. 

මාඕ නින්ග් මහත්මිය පවසා ඇත්තේ 2022 - 2023ට අදාළව ශ්‍රී ලංකාව ගෙවීමට නියමිතව තිබු ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දිමට මෙම එකඟතාවය මගින් ප්‍රකාශ කර ඇති බවයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව  සහය දෙන බව මෙහිදී චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශවරිය පවසා තිබේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය මෙම මාධ්‍ය හමුවේදී පවසා  ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත් තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමටත් ධනාත්මක කාර්යක් ඉටු කිරීමට චීනය කටයුතු කරන බවයි.