.webp)
COLOMBO (News 1st) – කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභි පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීම වෙනුවෙන් සමෘද්ධි අරමුදල්වලින් ලබා ගත් මුදල් මෙතෙක් නිසි පරිදි පියවා නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.
එම කාර්යාලය සඳහන් කළේ, රාජ්‍ය බැංකු දෙකක පවත්වාගෙන යන සමෘද්ධි ක්ෂුද්‍ර මුල්‍ය බැංකු අරමුදල, සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැයි අරමුදල සහ සමෘද්ධි අරමුදල යන අරමුදල් ඇපයට තබා රුපියල් බිලියන 14ක මුදලක් ණයට ගෙන ඇති බවයි.
අදාළ ණය පියවිම සඳහා මාස 6ක කාලයක් ලබා දී තිබු නමුත් එම ණය මුදල ගෙවීමේ කාලය පසුගිය වසරේ ඔක්තෝබර් 22 දක්වා වරින් වර දීර්ඝ කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අදාළ මුදල් නිසි පරිදි පියවන්නැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් දැනුම් දී ඇතැයි ද සඳහන් ය.
2021 වසරේ සමෘද්ධි සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව පිළිබඳව සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව පැවසීය.