.webp)
COLOMBO (News 1st) – ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ශ්‍රී ලංකා යුධ හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම අද ( 02 ) අලුයම ලෙබනනය බලා පිටත්ව ගියහ.
ඒ , ඉතියෝපියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් වන අතර නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් වේ.
මීට අමතරව පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුව ලත්, සුනඛයන් සිව්දෙනෙකු ද ලෙබනනයේ අතුරු හමුදා බලකායේ රාජකාරී සඳහා පිටත්ව ගොස් තිබේ .