.webp)
COLOMBO (News 1st) – වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස වආන් තුඕන්ග් දිවුරුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වියට්නාමයේ සිදුවු දූෂණ විරෝධී ව්‍යාපාරයට සමගාමීව ජනාධිපති ධුරයේ සංශෝධනයක් සිදුව ඇති බවයි.
52 හැවිරිදි වආන් තුඕන්ග් එරට කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේ ය.
වියට්නාම ජනාධිපති ධුරය චාරිත්‍රානුකූල භූමිකාවක් වන අතර එය එරට ඉහළම දේශපාලන තනතුරු හතරෙන් එකක් ලෙස සැලකෙයි.