නි. අමෙරිකානු තානාපති මහ නාහිමිවරු බැහැදකී

ලාංකීය ජනතාවගේ මතය සාමකාමීව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි - නියෝජ්‍ය අමෙරිකානු තානාපති

by Staff writer 02-03-2023 | 8:26 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලාංකීය ජනතාවගේ මතය සාමකාමීව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව නියෝජ්‍ය අමෙරිකානු තානාපති ඩග්ලස් සොනක් මහතා අද (02) අවධාරණය කළේ ය.

ඒ , අද (02) පෙරවරුවේ සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමිවරුන් බැහැදැකීමෙන් පසුවයි.

නියෝජ්‍ය තානාපතිවරයා අද (02)  පෙරවරුවේ සියම් මහා නිකායේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දුටුවේය.


- වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි -

''බොහොම සන්තෝසයි ඉතින්. ඔබතුමාගේ පැමිණිම පිළිබඳව. අමෙරිකාවත් අපිත් බොහොම මිත්‍රශිලි රටක්.හුඟක් උදවු උපකාර කරලා තියෙනවා.''

අනතුරුව ඩග්ලස් සොනක් මහතා මල්වතු විහාරස්ථානයේදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

- ඩග්ලස් සොනක් -

''ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතා, ඒ වගේම දැනට ලංකාවේ මිනිස්සු ජිවත් වෙන ආකාරයත් ගැන අවබෝධයක් තියෙනවා.'' 

- තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි -

''ඉතාමත් වැදගත්.කොළඹ ඉඳන් හොයන්න බෑ. ටිකක් රටේ ඇවිදින්න ඕනෙ තත්ත්වය බලන්න.''


- අමෙරිකානු නියෝජ්‍ය තානාපති  ඩග්ලස් සොනක් -

'' ගිය අවුරුද්දේ  අමෙරිකාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 270 ක් ලබා දුන්නා.ආර්ථික අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් ජනතාව වෙනුවෙන්.ඒ වගේම ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට සහ කාර්යක්ෂමතාව සඳහා විවිධාකාර රෙගුලාසි හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අපි රජයත් සමග එකට වැඩ කරනවා.ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක දේශපාලඥයින්ට ඉදිරි ගමන පැහැදිලිව පෙනෙන්නේ නැහැ.සාමකාමී ලෙස මතය ප්‍රකාශ කර ගැටලු වලට විසදුම් සෙවීම අමෙරිකාව තරයේ විශ්වාස කරනවා.ඒ ඔස්සේ ශ්‍රී ලංකාව නිදහස්, විවෘත අන්තර් සබඳතා ඇති, සෞභාග්‍යමත් රටක් බවට පත් කළ හැකියි.''