මැතිවරණ කොමිසමේ සමාජිකත්වයට තමන් යළි අයැදුම් කළ බව මහින්ද දේශප්‍රිය කියයි

මැතිවරණ කොමිසමේ සමාජිකත්වයට තමන් යළි අයැදුම් කළ බව මහින්ද දේශප්‍රිය කියයි

මැතිවරණ කොමිසමේ සමාජිකත්වයට තමන් යළි අයැදුම් කළ බව මහින්ද දේශප්‍රිය කියයි

කර්තෘ Staff writer

02 Mar, 2023 | 6:59 am

COLOMBO (News 1st) – මැතිවරණ කොමිසමේ  සමාජිකත්වය සඳහා තමන් යළි අයැදුම් කළ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මීට අමතරව සීමා නීර්ණ කොමිෂන් සභාවේ සමාජිකත්වය සඳහා තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයැදුම්පත් යොමු කළ බව ඔහු පැවසී ය. 

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, තමන්ගේ වැඩි කැමැත්තක් සීමා නිර්ණ කොමිෂන් සභාවේ සමාජිකත්වය සඳහා තිබෙන නමුත් ගත වූ කාල සීමාව තුළ විවිධ පාර්ශ්වයන් කළ ඉල්ලීම් සලකා බලමින් මැතිවරණ කොමිසමේ සමාජිකත්වය සඳහා ද අයැදුම් කළ බවයි.

මේ අතර සීමා නිර්ණ ජාතික කමිටුවේ අතුරු වාර්තාවක් රජයට භාර දුන් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය. 

ඔහු පැවසුවේ, සිය කමිටුවේ අවසන් වාර්තාව ලබන 31 වැනි දා වන විට රජයට භාරදීමට අපේක්ෂා කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]