.webp)
-522637.jpg)
COLOMBO (News 1st) - පසුගිය ඉරිදා (26) ජාතික ජනබලවේගය පැවැත්වූ විරෝධතාව අතරතුර රෝහල්ගත කිරීමෙන් පසුව අභාවප්‍රාප්තවූ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරුවේ සිදු කෙරිණි.
මිය යන විට 63 වන වියේ පසුවූ අමරසිරි මහතා, රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකි.
මහජන ගෞරව සඳහා නිවසේ තැන්පත් කර තිබූ දේහයට අද පස්වරුව වන තෙක් බොහෝ පිරිසක් පැමිණ අවසන් ගෞරව දැක්වූ හ.
නිමල් අමරසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පැමිණියේ ය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කළේ, නිවිතිගල දෑල දොඹගම්මන පොදු සුසාන භූමියේදීයි.
