කොල්ල කෑ 248,000 රන් මාලය සමග සැකකරු දැලේ

කොල්ල කෑ 248,000 රන් මාලය සමග සැකකරු දැලේ

by Staff writer 01-03-2023 | 8:36 AM

COLOMBO ( News 1st ) - අයිස් මත්ද්‍රව්‍ය 03g සහ ගංජා 09g 100mg ප්‍රමාණයක් සමග සැකකරුවෙකු පයාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 27 වැනි දින පයාගල පොලීසියට වාර්තාවී තිබූ රුපියල් 248,000ක වටිනාකමින් යුතු රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට  පත්වන අවස්ථාවේ දී කොල්ලකනු ලැබූ රන් මාලය,කොල්ලකෑමට යොදා ගත් යතුරු පැදිය සහ මත්ද්‍රව්‍ය පොලිස්  භාරයට ගෙන ඇති අතර අදාළ සැකකරු 35 වියැති අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (01) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.