English
தமிழ்
කර්තෘ Staff writer
01 Mar, 2023 | 6:16 am
ඒ, රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙස බල කරමිනි.
නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදී වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතා ක්‍රියාත්මක කළත් රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමුවූවද එම සාකච්ඡාව ද අසාර්ථක විය.
අද පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හා විරෝධතාවයට එක්ව සිටින වෘත්තීය සමිති සංඛ්‍යාව 40 කට අධිකයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, තම සාමාජිකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර සේවා බිඳ වැටිය හැකි බවයි.
බදු පනතට විරෝධය පළ කරමින් දිවයිනේ ස්ථාන 12 ක විරෝධතා පැවැත්වෙන බව ද ඔහු කියා සිටියේ ය.
තම සාමාජිකයින් ද අද දිනයේ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය.
විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු විදුලි බල මණ්ඩල සේවකයින් ද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් ලෙඩ නිවාඩු දමා අද (01) සේවයට වාර්තා කරන්නේ නැත.
බැංකු සේවකයින් ද අද වැඩ වර්ජනයට එක් වන බව ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතා පැවසුවේ ය.
වරාය සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත්තේ, බදු පනනට විරෝධය පළ කරමිනි.
ජල සම්පාදන සේවකයින් ද අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
31 May, 2023 | 01:19 PM
31 May, 2023 | 06:37 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS