සා/පෙළ විභාගයේ අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

සා/පෙළ විභාගයේ අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

by Staff writer 28-02-2023 | 6:23 AM

COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙවර අයැදුම්පත් භාර ගැනීම සිදු වන්නේ මාර්ගගත ක්‍රමයට පමණක් බවයි.

කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.