.webp)
-522463.jpg)
COLOMBO ( News 1st ) -පාපන්දු තරගයක් නැරඹීමට පැමිණි දහස් ගණන් රසිකයින් තුර්කි - සිරියා භූකම්පනයෙන් විපතට පත් දරුවන්ට ලබා දීමේ අරමුණින්
සෙල්ලම් බඩු දහස් ගණනක් පාපන්දු පිටිය දෙසට විසි කිරීමේ සිදුවීමක් ඉස්තාන්බුල් නගරයෙන් වාර්තා වේ.
මෙම සිදුවීම වාර්තාවී තිබුණේ, පසුගිය ඉරිදා තුර්කි සුපර් ලීග් පාපන්දු තරගාවලියේ siktas සහ Antalyaspor කණ්ඩායම් අතර පැවති තරගය අතරතුරයි.
දර්ශනවලට අනුව පුද්ගලයින් 42,000 දෙනෙකුට පමණ අසුන් ගත හැකි ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයින් අත විවිධ වර්ණවලින් යුත්, විවිධ ප්‍රමාණයේ සතුන් දැකගත හැකි විය.
තරගය ආරම්භ වී මිනිත්තු 4 තත්පර 17 කින් ප්‍රෙක්ෂකාගාරයේ සිට පාපන්දු පිටියට මෙලෙස පරිත්‍යාග ගලා ගියේ ය.
පසුගිය 6 වැනිදා සිදු වූ තුර්කි - සිරියා භූකම්පනයෙන් දෙරටේම ජීවිත අහිමි වූ බවට ගණන් බලා ඇති පිරිස 47,000 කට අධික ය.
ගොඩනැගිලි 93,000 ක් පමණ විනාශවී ගිය අතර තුවාල ලැබූ පිරිස සිය දහස් ගණනකි.
