.webp)
-522487.jpg)
COLOMBO ( News 1st ) - ජාතික ජන බලවේගය පසුගිය ඉරිදා පැවැත්වූ විරෝධතාව අතරතුර තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය නිමල් අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කෙරුණි.
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබූ නිමල් අමරසිංහ මහතාගේ දේහය අද (28) පෙරවරුවේ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් හඳුනා ගනු ලැබිණි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඥාතීන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණ අතර ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් ද රෝහල වෙත පැමිණ සිටියහ.
අනතුරුව, නිමල් අමරසිංහ මහතාගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා කොළඹ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයට රැගෙන ගියේය.
