.webp)
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීම චීනයේ ප්‍රතිචාරය මත රඳා පවතින බව, මුදල් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, චීනය ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි, සිය අපේක්ෂාව බවයි.
අඛණ්ඩව චීනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි ද, එම ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතු සියලු වාර්තා සකස් කර අවසන් බවත්, චීනයෙන් ලැබිය යුතු ණය සහතිකරණය ලද විගස එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසුවේ, ලබන මාසය අවසන් වීමට පෙර මූල්‍ය අරමුදල වෙතින් ණය පහසුකම සඳහා අනුමැතිය හිමිවනු ඇතැයි, අපේක්ෂාව බවයි.