.webp)
-522512.jpg)
COLOMBO ( News 1st ) - ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී 2022 වසරේ ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස කිරුළු පැළැඳුවේය.
2022 අන්තර්ජාතික පාපන්දු සම්මේලන වාර්ෂික සම්මාන උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විය.
ඒ, සුපිරි පාපන්දු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
එහිදී අභාවප්‍රාප්ත ප්‍රවීණ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ වෙනුවෙන් විශේෂ සම්මානයක් ප්‍රදානය සිදු කළ අතර පේලේ වෙනුවෙන් ඔහුගේ බිරිඳට එම සම්මානය ප්‍රදානය කළේ, සුපිරි බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ විසිනි.
ගීත සහ නර්තනාංගවලින්ද පාපන්දු සම්මාන රාත්‍රිය වර්ණවත් වූ අතර වසරේ දක්ෂතම පාපන්දු පුහුණුකරු ලෙස සම්මාන දිනා ගත්තේ, ලෝකශූර ආර්ජන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු ලියනොල් ස්කැලෝනි ය.
මේ අතර වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමට ස්පාඤ්ඤයේ ඇලෙක්සියා පුටෙයාස් සමත් වූ අතර ලෝකශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේය.
