විදේශ කටයුතු ඇමති ඉන්දීය සංචාරයකට සූදානම්

විදේශ ඇමති අලි සබ්‍රි ලබන 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යයි

by Staff writer 28-02-2023 | 4:38 PM

COLOMBO ( News 1st ) - විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ලබන 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ

ඒ , භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහායි. 

මෙම සමුළුවට අමතරව මාර්තු 03 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්වයකට ද අමාත්‍යවරයා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. 

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා මාර්තු 04 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිමට නියමිතයි.