කතානායකවරයාට මැතිවරණ කොමිසම එවූ ලිපිය ගැන විපක්ෂය කතානායක සමග සාකච්ඡාවක

by Staff writer 28-02-2023 | 12:14 PM

COLOMBO (News 1st) - මැතිවරණයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් කතානායකවරයාට මැතිවරණ කොමිසම එවූ ලිපිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා හමු වී සාකච්ඡා කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස කතානායකවරයාට පවසා ඇත්තේ, මැතිවරණයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම එවූ ලිපිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසයි.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහා මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා ප්‍රමුඛ නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අද (28) කතානායකවරයාට හමුව ඇත.