ඉතාලියේ බෝට්ටු අනතුරින් 63ක් මරුට

ඉතාලියේ බෝට්ටු අනතුරින් 63ක් මරුට

by Staff writer 28-02-2023 | 5:32 PM

COLOMBO ( News 1st ) - ඉතාලියේ දකුණු දිග ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරින් මියගිය ගණන 100 ඉක්මවනු ඇතැයි බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෝට්ටුවේ සිට අනතුරට ලක්වූ ළමුන් ඇතුළු සංක්‍රමණිකයන් 63 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වූ බවය.

මීට දින කිහිපයකට පෙර තුර්කියේ සිට පිටත් වූ බෝට්ටුවේ ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, සෝමාලියාව, සිරියාව, ඉරාකය සහ ඉරානය යන රටවලට අයත්  පුද්ගලයින් සිටි බව හඳුනාගෙන තිබේ.

ඉතාලි බලධාරීන් සඳහන් කළේ, බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සහ දිවි ගලවා ගත් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.