.webp)
COLOMBO (News 1st) - ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු පැසිෆික් සන්ධානය (A-PAD) විසින් ප්‍රධානය කරන ජාත්‍යන්තර සම්මානයකට හිමිකම් කියන්නට නිව්ස්ෆස්ට් සමත් විය.
ඒ, අද(28) ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු පැසිෆික් සන්ධානයේ (A-PAD) 10 වන සංවත්සරය වෙනුවෙන් ජපානයේ ටෝකියෝ නුවර පැවති උත්සවයකදීය.
ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු පැසිෆික් සන්ධානය විසින් සංවිධානය කළ මෙම ජාත්‍යන්තර සම්මාන උළෙලට ජපානයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් වන විදේශ කටයුතු සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උප අමාත්‍ය ශුන්සුකේ ටකේ මහතා, එරට හිටපු ප්‍රධාන කැබිනට් මණ්ඩලයේ ලේකම් යසුහිසා ශියෝසාකි මහතා සහ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වූ ආසියා පැසිෆික් සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සහ A-PAD ජාත්‍යන්තරයේ COO, ෆිර්සාන් හෂීම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නිව්ස්ෆස්ට් ශ්‍රී ලංකාව තුළ ආපදා කළමනාකරණයේදී හා වාර්තාකරණයේදී දක්වන දායකත්වය මෙන්ම දශක ගණනාවක් තුළ සමාජය දැනුවත් කිරීම් මගින් අපදා කළමනාකරණයට දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය.
නිව්ස්ෆස්ට් වෙනුවෙන් කැපිටල් මහරාජා සමූහයේ (CMG) සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා සහ නිව්ස්ෆස්ට් නාලිකා ප්‍රධානී සුරංග සේනානායක මහතා විසින් සම්මානය ලබා ගන්නා ලදී.