.webp)
COLOMBO (News 1st) – ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහල පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.
ඊයේ පස්වරුවේ ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය අවස්ථා දෙකකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ ය.
මෙම විරෝධතා පාගමන පැවැත්වුයේ,''ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහ පරදවමු'' යන තේමාවෙන් ය.