මුදල් කාරක සභා සභාපති ධුරයෙන් මයන්ත ඉල්ලා අස්වෙයි

මයන්ත දිසානායක රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි...

by Staff writer 27-02-2023 | 10:45 AM

COLOMBO ( News 1st ) – රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව මයන්ත දිසානායක මහතා සඳහන් කර තිබේ .

මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේ , අද(27) පැවති මාධ්‍ය හමුවකදී ය. 

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින්  රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කරනු ලැබුවේ, පසුගිය 23 වැනිදායි.