තුර්කියේ යළිත් භූ කම්පනයක්

තුර්කියේ යළිත් භූ කම්පනයක්

by Staff writer 27-02-2023 | 9:35 PM

COLOMBO ( News 1 st ) - තුර්කියේ අද ( 27) යළිත් මැග්නිටියුඩ් එකක 5.6 ක භූ කම්පනයක් හටගෙන තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මලත්යා පළාතේ ඇතිවු එම භූ කම්පනයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවයි.

කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වේ. 

පසුගිය පෙබරවාරි 6 වැනිදා පුද්ගලයින් 50,000කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් එරට ඇතිවූ මැග්නිටියුඩ් එකක 7.8 ක භූ කම්පනයෙන් පසුව වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනය මෙයයි.

ගතවූ පැය 48 ක කාලය තුළ , තුර්කිය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 5 ඉක්මවූ භූ කම්පන 3 ක් වාර්තා වූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ