බිත්තර ගැන ප්‍රමිති වාර්තාව හෙට, ආනයනය ඊට පසු – වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය

බිත්තර ගැන ප්‍රමිති වාර්තාව හෙට, ආනයනය ඊට පසු – වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය

බිත්තර ගැන ප්‍රමිති වාර්තාව හෙට, ආනයනය ඊට පසු – වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය

කර්තෘ Staff writer

27 Feb, 2023 | 7:13 am

COLOMBO ( News 1st ) – ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව හෙට(27) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසයි. 

එම අමාත්‍යාංශය පැවසුවේ, නවදිල්ලිහි පිහිටි පශු සම්පත් අමාත්‍යාංශය මගින් එම වාර්තාව ලබාදීමට නියමිත බවයි.

අනතුරුව එම බිත්තර තොගය රැගත් නෞකාව මෙරට ළඟාවීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

ඉන්දියාවෙන් මෙරටට බිත්තර ලක්ෂ 20 ක් ආනයනය කිරීමට නියමිතයි.

සිය ගොවිපොළ ආශ්‍රිතව කුරුළු උණ අවදානමක් නොමැති බවට අදාල බිත්තර නිෂ්පාදන සමාගම රසායනාගාර පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ඇතැයිද වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එම අමාත්‍යාංශය පැවසුවේ, අදාල බිත්තර තොගය දිවයිනට ලැබීමෙන් පසු මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ද එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නියමිත බවයි.

ආනයනය කිරීමෙන් අනතුරුව එම බිත්තර බේකරි සහ හෝටල්වල භාවිතය සඳහා ලබාදීමට නියමිතව තිබේ. 

වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පැවසුවේ, එම බිත්තරයක් රුපියල් 40ක පමණ මිලකට අදාල ආයතන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]