ජාතික ජන බලවේග විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙක් මිය යයි

by Staff writer 27-02-2023 | 2:55 PM

COLOMBO (News 1st) –  ජාතික ජනබලවේගයේ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එම විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙසේ මියගොස් තිබේ.

මේ බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

ඊයේ දිනයේ දී (26) ජාතික ජන බලවේගය මතිවරණය ඉල්ලා කළ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණ.