ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR කේත ක්‍රමය අවලංගු කිරීමේ තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන

ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR කේත ක්‍රමය අවලංගු කිරීමේ තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන

ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR කේත ක්‍රමය අවලංගු කිරීමේ තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන

කර්තෘ Staff writer

27 Feb, 2023 | 11:57 am

COLOMBO ( News 1st ) –  ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR කේත ක්‍රමය අප්‍රේල් 10 වනදා වන විට අවලංගු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි. 

කෙසේ වෙතත් දැනට වෙන් කර ඇති කෝටාව ක්‍රමයෙන් වැඩි කිරීමට අදාළ දත්ත විශ්ලේෂණය කරමින් ඇතැයි , එම ටුවිටර් පණිවිඩයේ සඳහන් ය. 

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර පද්ධතිය පිළිබඳව තීරණයක් ගන්නා බව ද කංචන විජේසේකර මහතා පවසයි. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]