.webp)
ඒ, මෙරට වේලාවෙන් අද පස්වරු 6.30 ට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හීදියි.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 5 කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ,තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 6 කින් පරාජය කරමිනි.
ඔස්ට්‍රේලියාව පස් වරක්, පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලානය හිමිකරගෙන ඇත.
එහෙත්, දකුණු අප්‍රිකාව කිසිදු පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් ජයගෙන නොමැති අතර
අද තරගය, සත්කාරක දකුණු අප්‍රිකාව ජය ගතහොත් ඔවුන් ඉතිහාසයට එක්වන්නේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලානයක් ජය ගත් පළමු කණ්ඩායම ලෙසයි.