.webp)
COLOMBO (News 1st) - කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක ලිපි ශිර්ෂ භාවිතා කර ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මත්පෙති අලෙවි කළ පුද්ගලයකු හොරණදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ , සැකකරු සන්තකයේ තිබී මත්පෙති 25ක පමණ ප්‍රමාණයක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 5900 ක් සොයාගත් බවයි.
ගල්පාත පදිංචි සැකකරුගේ වයස අවුරුදු 21 කි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට(27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.