අම්බලන්ගොඩ පුද්ගල ඝාතනයක්..

තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

by Staff writer 26-02-2023 | 12:17 PM

COLOMBO (News 1st) - අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.

එහිදී තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගොස් ඇත්තේ ඉඩම්තොට පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.