5කට දිවි අහිමි කළ ගුවන් අනතුර

අමෙරිකාවේ ගුවන් අනතුරකින් 5ක් මරුට

by Staff writer 26-02-2023 | 3:17 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරට පත්විමන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් නියමුවා, සෞඛ්‍ය අංශ සේවකයින් තිදෙනෙකු සහ රෝගියෙකු එලෙස මියගොස් ඇති බවය.

අමෙරිකානු බලධාරින් සඳහන් කරන්නේ, ප්‍රබල හිම කුණාටුවක් මධ්‍යයේ පියාසර කිරීම හේතුවෙන් එම යානය අනතුරට පත්වන්නට ඇති බවයි.