මහින්ද අගමැති කරන්න අපෙන් සහය ඉල්ලුවා - චන්න

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න පොදුජන පෙරමුණ අපෙන් සහය ඉල්ලුවා - චන්න ජයසුමන

by Staff writer 25-02-2023 | 12:47 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.

චන්න ජයසුමන මහතා මේ බව ආනාවරණය කළේ, මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක පිළිතුරු ලබා දෙමිනි.