සීමා නිර්ණ අවසන් වාර්තාව මාර්තු 31ට ආසන්න දිනයකදී

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ අවසන් වාර්තාව මාර්තු 31ට ආසන්න දිනයකදී - මහින්ද දේශප්‍රිය

by Staff writer 25-02-2023 | 7:11 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු වාර්තාව, ලබන අඟහරුවාදා  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙන බව සීමානිර්ණ ජාතික කමිටුව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, සිය කමිටුව දිස්ත්‍රික් මට්ටමින් ලබා ගත් යෝජනා , විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා සහ සිය කමිටුවේ යෝජනා සමාලෝචනය අවසන්කර දිස්ත්‍රික් මට්ටමේ සීමා නිර්ණ කටයුතු සිතියම් ගත කිරීම්  ද, මේ වන විට සිදුකරමින් ඇති බවයි. 

දිස්ත්‍රික්කවල ගමන් කරමින් සිය වාර්තාව සඳහා අවශ්‍ය අවසන් යෝජනාව ලබා ගෙන ඇතැයි ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

මාර්තු මස 31ට ආසන්න දිනකදී සිය අවසන් වාර්තාව භාර දීමට අපේක්ෂා කරන බව ද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.