නෙල්ලිගලදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළෙයි

නෙල්ලිගලදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළෙයි: 26කට තුවාලයි..

by Staff writer 25-02-2023 | 2:56 PM

COLOMBO (News 1st) - වන්දනාකරුවන් රැගත් බස් රථයක් නෙල්ලිගල ප්‍රදේශයේදී පෙරළී යාමෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් බහුතරයක් කාන්තාවන් වන බවයි.

තුවාලකරුවන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරිණි.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

තුවාලකරුවන්, මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල වන්දනාවේ පැමිණි පිරිසකි.