තුර්කි - සිරියා භූ කම්පන මාලාව

තුර්කි - සිරියා භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50,000 පනී.

by Staff writer 25-02-2023 | 11:12 AM

COLOMBO (News 1st) - තුර්කි - සිරියා භූ කම්පන මාලාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කියේ අවදානම් කලාපවලින් පුද්ගලයින් ලක්ෂ 5කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති අතර මිලියන දෙකකට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් තාවකාලික කුඩාරම්වල රඳවා ඇති බවයි. 

මේ අතර තුර්කියේ සහ සිරියාවේ මිලියන 28ක පමණ පුද්ගලයින් සඳහා මානුෂීය ආධාර අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්තාවල සඳහන් වේ.