.webp)
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ, ඊයේ (24) පස්වරුවේ අදාළ ලිපිය කතානායකවරයාට යොමුකළ බවයි.
අප මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් විමසීමක් කළෙමු.
ඔහු සඳහන් කළේ, අදාළ ලිපිය තමන් වෙත ලැබී ඇති බවත් එහි ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවයි.
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වැනි දා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(24) නිවේදනය කළේ ය.
ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.