ඉන්දියාවෙන් එන පළමු බිත්තර තොගය, හෙට දිවයිනට

ඉන්දියාවෙන් එන පළමු බිත්තර තොගය, හෙට දිවයිනට

by Haindu Gihan 25-02-2023 | 7:13 AM

COLOMBO (News 1st) - ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26)  දිවයිනට සේන්දු වීමට නියමිතව ඇත.

වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි බිත්තර ලක්ෂ 20 ක් අඩංගු බවයි. 

මෙලෙස ආනයනය කරන බිත්තර, බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගැනීමට මේ වන විට තීරණය කර තිබේ.

ආනයනික බිත්තර භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි , අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පසුගියදා උපදෙස් ලබාදුනි.

ඒ අනුව , බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු වේ.

කිසිසේත්ම ඉතිරි බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකල යුතු ය.

රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ ය.