මාර්තු 9 ඡන්දය නැහැ, ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම මාර්තු 3 වෙනි දා

by Staff writer 24-02-2023 | 3:11 PM

COLOMBO (News 1st) -  පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනි දා ප්‍රකාශයට පත් කරන බවය. 

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.