අධිවේගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

කොට්ටාව පිවිසුම අසලදී ටයරයක් මාරු කිරීමට නවතා තිබූ ලොරියක පිටුපස මෝටර් රථයක් ගැටී රියැදුරු මරුට

by Staff writer 24-02-2023 | 8:55 AM

COLOMBO ( News 1st ) – අධිවේගි මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

පොලිසිය පැවසුවේ,  ටයරයක් මාරු කිරිම සඳහා නවතා තිබූ ලොරියක පිටුපස මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ රාත්‍රි අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ 47 හැවිරිදි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියැදුරායි.

අනතුරින්  මෝටර් රථයේ සිටි 27 හැවිරිදි රුසියානු ජාතික තරුණියක් ද තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පැවුසවේ, ඇය කටුනායක ගුවන්තොටුපළ යන අතරවාරයේදී අනතුරට ලක්ව ඇති බවයි.