අන්තරේ වසන්ත ඇතුළු පිරිස රිමාන්ඩ්

අන්තරේ වසන්ත ඇතුළු පිරිස රිමාන්ඩ්

by Staff writer 24-02-2023 | 4:51 PM

COLOMBO (News 1st) - අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ලබන 27 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද (24) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධානාගරගත කළ පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ද වේ.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.