රුපියල් මි. 8400 ක ජල බිල් ගෙවා නැහැ…… මණ්ඩලය අර්බුදයක

රුපියල් මි. 8400 ක ජල බිල් ගෙවා නැහැ…… මණ්ඩලය අර්බුදයක

රුපියල් මි. 8400 ක ජල බිල් ගෙවා නැහැ…… මණ්ඩලය අර්බුදයක

කර්තෘ Staff writer

24 Feb, 2023 | 11:02 am

COLOMBO ( News 1st ) – ජල බිල්පත් ගෙවීම 40 %ක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි.

ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසින්.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි.

මේ අතර විදුලි බිල යළි ඉහළ දැමිමත් සමග ජල බිල යළි ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට යෝජනාවලියක් සකස් කරමින් සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසී  ය.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]