English
தமிழ்
කර්තෘ Staff writer
24 Feb, 2023 | 10:16 am
COLOMBO ( News 1st ) – මැතිවරණ කොමිසම අද (24) රැස්වේ.
ඒ මුදල් ලබා නොදීමේ පසුබිමක දැනට ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි.
මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කර තිබුණේ, පළාත් පාලන මැතිවරණය ලබන මස 09 වැනිදා පැවැත්වීමටයි.
එහෙත් මුදල් ලබා නොදීමේ ගැටලුවක් හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම රජයේ මුද්‍රණාලයාධිපතිවරිය ප්‍රතික්ෂේප කිරිමත් සමග තැපැල් ඡන්දය කල් දැමිමට සිදුවූ අතර ඒ අනුව මැතිවරණය සැලසුම් කළ දිනට පැවැත්වීමට දැඩි බාධා මතුව තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නිල වශයෙන් මේ දක්වා නීත්‍යනුකූලව දිනයක් නම්කර නොමැති බවයි.
ඔහු කියා සිටියේ ඡන්දය පැවැත්වෙන බව කියමින් දැනට ප්‍රකාශයට පත්කර ඇති දිනය නීත්‍යනුකූල නොමැති බවයි.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය කැඳවුයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හා මැතිවරණ නීතියට අනුව නිත්‍යනුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසී ය.
ඔහු ප්‍රකාශ කළේ, එම ක්‍රියාවලිය මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සමාජිකයින්ගේ එකඟතාව ඇතිව සිදුවූ බවයි.
මේ අතර පළාත් පාලන ඡන්දය වළක්වන නියෝගයක් ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනුකළ පෙත්සම නැවත සලකා බැලීම මැයි 11 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS