භික්ෂූන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ විරෝධතාවක

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධතාවක

by Staff writer 23-02-2023 | 4:09 PM

COLOMBO ( News 1st ) – හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධතාවක නිරත විය. 

ඒ, මාස 2ක කාලයක් වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය නැවත විවෘත කරන්නැයි ඉල්ලමින් ය. 

මේ අතර , ඊයේ(22) විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පැවැත්වූ සත්‍යග්‍රහයට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පලකිරීමද මෙහි එක් අරමුණකි.