.webp)
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක මීට පෙර ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කරනු ලැබුවේ ය.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවදුරටත් ලිහිල් කිරීමට එරට අධිකරණය මගින් අද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එම වාර්තාවලට අනුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය මගින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ධනුෂ්කට WhatsApp සේවාව භාවිත කිරීම සහ රාත්‍රියේ දී පිටතට යාමේ අවස්ථාව හිමි වනු ඇතියි.
ඇප කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා ඉල්ලුම් කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ධනුෂ්කට මෙම අවස්ථාව හිමිව තිබේ.