කටුනායකදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් මරුට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

by Staff writer 23-02-2023 | 12:04 PM

News 1st - කටුනායක, මැදවෙල ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් අයෙකු මිය ගොස් තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ,  අපරාධ කටයුත්තකට භාවිත කිරීමට යොදා ගත් ගිනි අවියක් සොයා ගැනීමට ගිය අවස්ථවේදී මිය ගිය සැකකරු පොලීසීයට අත්බොම්බයක් ප්‍රහාරයක් එල්ල කර තිබූ බවයි.

ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබේ. 

කෙසේ වෙතත් එය පුපුරා නොගිය බව ද පොසිය ප්‍රකාශ කළේ ය. 

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 30 ක හීනටියන ප්‍රදේශයේ පදිංචි දිනේෂ් බුද්ධික නමැති පුද්ගලයෙකි. 

පොලිසිය පැවසුවේ, ඔහු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවයි.