පුංචි ඡන්දය වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම අද යළි කැඳවයි

පුංචි ඡන්දය වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම අද යළි කැඳවයි

පුංචි ඡන්දය වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම අද යළි කැඳවයි

කර්තෘ Staff writer

23 Feb, 2023 | 6:09 am

COLOMBO (News 1st) – පළාත් පාලන ඡන්දයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම අද (23) නැවත කැඳවා තිබේ.

එම පෙත්සම ගොනු කර ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව් .එම්.ආර් විජේසුන්දර මහතා විසිනි.

පළාත් පාලන ඡන්දයට අදාළ සියලු සංවිධාන කටයුතු වළක්වන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම පසුගිය 10 වැනි දා විභාගයට ගත් අතර නැවත සලකා බැලීම අද දිනය දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ඒකනායක මහතා සඳහන් කළේ, මැතිවරණයේ ඉදිරි කටයුතු අද පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ප්‍රකාශ කළ හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]