පකිස්ථාන ජනපති ඡන්දෙට දින නියම කෙරේ..

මැතිවරණ කොමිසමේ ඡන්ද කල් දැමීමේ උත්සාහය නොතකා පළාත් 02ක ඡන්දය තියන්න පකිස්ථාන ජනපති තීරණය කරයි

by Staff writer 22-02-2023 | 11:29 AM

COLOMBO (News 1st) මැතිවරණ කොමිසමේ ඡන්ද කල්තැබීමේ උත්සාහය නොතකා පාකිස්ථානයේ පළාත් දෙකක මැතිවරණය අප්‍රේල් මස 09 වැනිදා පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ඒකමතික තීරණයක් ගෙන තිබේ. 
 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැතිවරණ කොමිසමේ බලය අභිබවා යමින් පාකිස්ථාන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණේ ඊට ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති බවට මුදල් අමාතශ්‍යංශය මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමගයි.

පාකිස්ථාන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බවයි.

නමුත් මුදල් අමාත්‍යංශය පවසා තිබුණේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම මුදල් ලබා දිය නොහැකි බවයි.