බුත්තල ප්‍රදේශයේ සුළු භූ චලනයක්

බුත්තල ප්‍රදේශයේ සුළු භූ චලනයක්

by Staff writer 22-02-2023 | 12:09 PM

COLOMBO (News 1st) – බුත්තල ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 3.2 ක සුළු භූ චලනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

එම මධ්‍යස්ථානය පැවසුවේ, අද පෙරවරු 11.44 ට පමණ භූ චලනය සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කර ඇති බවයි.