බදු ප්‍රතිපත්තියට එරෙහිව අද විරෝධතා දිනයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවකට සැරසෙයි

by Staff writer 22-02-2023 | 5:52 AM

COLOMBO (News 1st) - නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අදත් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් සංජීව මහතා පැවසුවේ ය.

අද (22) පැවැත්වෙන විරෝධතාවට වෘත්තිය සමිති 40 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.