පිටිපන විරෝධයට කඳුළු ගෑස්..

පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල සිසුන්ගේ සත්‍යග්‍රහයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර..

by Staff Writer . 22-02-2023 | 7:13 PM

COLOMBO (News 1st)- පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

වසා දමා ඇති  පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය  යළි විවෘත කරන ලෙස රජයට බල කරමින්, විශ්වවිද්‍යාල සිසුන් අද පස්වරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ය.

සත්‍යග්‍රහය ආරම්භ කරනු ලබන අවස්ථාවේදීත් පොලීසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක්‍ ද ඇති විය.