උ/පෙළ පිළිතුරු පත් ඇගයීම කල් යයි

ගුරුවරුන් අයැදුම් කර නැහැ.. - උ/පෙළ පිළිතුරු පත් ඇගයීම කල් යයි

by Staff writer 22-02-2023 | 6:01 AM

COLOMBO (News 1st) - අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් දමා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් අයැදුම් නොකිරීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කල් දැමීමට සිදු වූ බවයි.

ඇගයීම් සඳහා ලබා දෙන දීමනා පිළිබඳ ගැටලුවක් මීට හේතු වී ඇති අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පිළිතුරු පත් ඇගයීමේ දීමනා ඉහළ නංවන ලෙස කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට අනුමැතිය ලැබුණු බවයි.