ඇෆ්ගන් - පකිස්ථාන දේශසීමා හරස් මාර්ගය වසා දැමේ

ඇෆ්ගන් - පකිස්ථාන දේශසීමා හරස් මාර්ගය වසා දැමේ

by Staff writer 22-02-2023 | 8:02 AM

News 1st - පකිස්ථානය - ඇෆ්ගනිස්ථානය ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීමට තලේබාන් බලධාරීන් තීරණය ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් දේශසීමා හරස් මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ 6000ක් පමණ සිරවී ඇති බවයි.

දෙරටෙහි ව්‍යාපාරික කටයුතුවලට ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සඳහන් වේ.

කෙසේවෙතත් එම දේශසීමා වසා දැමීමට හේතුව පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් තලේබාන් බලධාරීන් විසින් මෙතෙක් සිදුකර නැත.